Google+ Followers

Saturday, 9 August 2014

හිට්ලර් හා මිනිස් මනැස

පළවෙනි ලෝක යුධ සමයේ ජර්මානු යුධ පෙරමුණු අතර වෙඩි උණ්ඩ ප්‍රවාහනය කළ එක් සාමාන්‍ය සෙබලෙකු විය. රාජකාරිය අතර දිනක් ඔහු තුවාල ලැබූ හෙයින් හේ යුධ පෙරමුණෙන් ඈත් වූහ. ඔහු පසු කළෙක දේශපාලනයට පිවිසි අතර ක්‍රමයෙන් එම දේශපාලන පක්ෂයේ බලය අත්පත් කරගැනීමට සමත් විය.
මෙම පුද්ගලයා හිට්ලර් යන නමින් ලෝක ප්‍ර්සිද්ධ වූහ.

මෙහි ඉතිරිය නොදත් කෙනෙකු මේ සයිබර් අවකාශයේ කරක් නොගසනු ඇතැයි සිතමි.

ලංකාවේ ගිරුවාපත්තුවේද ඉහත ආකාරයේම සාමාන්‍ය පුද්ගලයෙකු විසූ අතර පසු කලෙක හේ ජයවර්ධනපුර පැත්තේ පිහිටි විශ්ව විද්‍යාලයක පුස්තකාල කාර්ය සාහකයෙකු වශයෙන් රාජකාරි ඇරඹීය.
ඔහුද පසු කලෙක දේශපාලනයට පිවිසෙන අතර " හරක් හමකුත් , ඌරු පිටකුත් , හිවල් හිසකුත් " පිහිටි නිසාවෙන් අද වන විට ලංකාවේ අංක එකේ පුරවැසියා බවට පත්ව සිටී.

මෙහිද ඉතිරිය නොදත් කෙනෙකු නැතැයි සිතා ඉදිරියට යමි.

ඉතින් අර පෙර කී හිට්ලර් රාජ්‍ය පාලනය කිරීමේදි න්‍යාය සකස් කිරීම සහයට තබාගෙන උන්නේ ගොබෙල්ස් නැමැති ගොබිලෙකි.

ගොබෙල්ස් න්‍යාය ගැන මෙහි අමුතුවෙන් ලිවිය යුතු නැත්තේ එය ඔබ හොඳින්ම දන්නා නිසාය.

නමුත් හිට්ලර් විසින් එයට එක් කළ කොටසක් මෙහි දක්වනුයේ හුදු ලිපියේ පැවැත්ම උදෙසාමය.

හිට්ලර්ට අනුව සාමාන්‍ය මිනිසුන් සියළුදෙනා තම එදිනෙදා ජීවිතයේදී බොරු කියති , වංචා කරති . නමුත් ඒ සියළු බොරු , වංචා ආදිය පොඩි පහේ ඒවාය.

එබැවින් ඔහුට අනුව පොඩි පොඩි බොරු , වංචා , දූෂණ ආදිය සාමාන්‍ය මිනිසාට සාමාන්‍ය දේවල්‍ය, හොඳට පුරුදුය. ඒ නිසා පොඩි බොරු ගැන ඔවුන් හොඳින් දනී. ඒවායින් ඔවුන්ව රැවටීමට නොහැක.

ඒ නිසා හිට්ලර් පැවසුවේ රාජ්‍ය පාලනයේදි කියන කරන හොර බොරු වංචා ආදිය මහා පරිමාණයේ ඒවා විය යුතු බවයි.
මහජනතාවට සිතා ගැනීමට බැරි තරම් පරිමාණයේ හොර බොරු වංචා සිදු කල විට ඔවුන් එවා ඇත්තටම හොර බොරු වංචා ලෙස නොසිතන බව හිට්ලර් ඇදහීය.ි

එම ඇදහුම සත්‍යයක් බව ඔහු ඔප්පුකොට පෙන් වූ බව ඉතිහාසය සාක්ෂි දරයි.

ඉතින් අර ගිරුවාපත්තුවෙන් බිහි වූ අංක එකේ පුරවැසියා නියමෙට හිට්ලර්ව study කොට දැන් හිට්ලර්ව follow කරමින් සිටී.

ඔහුට ගොබෙල්ස්ලා එකෙක් නොව රොත්තක්ම ඇත.

එපමනක් නොව ඔහුට එදා ජර්මනියේ සිටියාක් වැනිම ලොකු බොරු ඇත්තක් ලෙස ගෙඩි පිටින්ම  ගිලින මහජනතාවක්ද සිටී.

මිනිස් මනසේ හිට්ලර් ආක්‍රමණය කල එම කොටස 1942 වේවා 2014 වේවා කිසිදු වෙනසකට ලක් වී නොමැත. එනම්
මහා පරිමාණයේ හොර බොරු වංචා ගණනකට නොගන්නා මිනිස් මොළයේ " යම් කොටස " පරිණාමයට ලක් වී නොමැත.

එසේ නොවේ නම් අවම වශයෙන් .... 

# 2010 ජනාධිපතිවරණය වැඩි ජන්ද 18
    ලක්ෂ‍යකින් දිනීම

#  රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය
     ලෙස ගෙන වියදම් කරන අති විශාල
      මුදල්

#   රුපියල් කෝටි 852 ක් තරම් වන
      ජනාධිපති  වියදම

යනාදියවත් ලාංකීය මහජනතාව අතර ප්‍රශ්න කිරීමට ලක්විය යුතුය.

නමුත් සාමාන්‍ය මිනිසා සිටින්නේ අර හිට්ලර් හඳුනාගත් මානසිකත්වයේය.

ඉතින් එයින් මිදෙන තෙක් එය නිවැරදිව යොදාගන්නා තෙමේ දැහැමෙන් සෙමින් රාජ්‍ය නොකරයිද ?           ි

Saturday, 2 August 2014

මිහිරි මතක සිත රැඳේ...

ඒ දවස්වල , ඒ කියන්නේ මීට අවුරුදු අටකට පෙර පේරාදෙණිය කැම්පස් එකේ අපේ දෙවන අධ්‍යයන වර්ෂය.

පේරා වල සිරිතක් තමයි ඔය දෙවන අවුරුද්දේදි නේවාසිකාගාර නොදෙන එක.
ඉතින් ළමයි වැඩි දෙනෙක් නැවතිලා උන්නේ කැම්පස් එක අවට බෝඩිම් වල.

ඒත් Dental එකේ අපි කීපදෙනෙක් කැම්පස් එකේ ප්‍රධාන කොටසින් තරමක් ඈතින් තිබුණු " සේනක බිබිලේ " නේවාසිකාගාරයේ හිස් කාමර කිහිපයක නැවතිලා උන්නා , හැබැයි නීත්‍යානුකූල නොවන විදියට , එහෙමත් නැත්නම් හොරට.

ඕක නේවාසිකාගාරය භාරව වුන් වෝර්ඩ්න්වරයත් දැනගෙන හිටියා , ඒත් මුකුත් කියන්න ආවේ නැහැ. අපේ කට්ටිය නම් කිව්වෙ "බුක්කා" ඉන්නකම් බය වෙන්න දෙයක් නෑ  ඌ වෝර්ඩ්න්කාරයව ගානට හෝදලා තියාගනී කියලා.

බුක්කා ඕන කෙනෙක්ව ෂේප් න්‍යායෙන් තියගන්න දක්ෂයා.දැන් මිනිහා Hongkong වල කැම්පස් එකක Phd එක කරනව. ( කොහොමද හේදිල්ලේ තරම )

ඒත් සමහර වෙලාවට වෝර්ඩ්න් අපිට red notice එවනව , ඒ දවසට කට්ටියම එක්කෝ faculty එකේ රෑ වෙනකම් කැරම් ගහලා මහා පාන්දර ආපහු hostal එකට රින්ගනවා , නැත්නම් ඉතින් ල්ඟ ් තියෙන bus halt එකේ පිහිට තමයි.

ඔය කාලේ පේරාදෙණිය පොලීසිය ගාව තිබුණා කෑම කඩයක්. ( සමහර විට තාමත් ඇති. ) ඕක පැය විසිහතරෙම විවෘත‍යි. අපි ඒකට නම දාලා තිවුනේ " කැරපොතු කඩේ " කියලා.

ඒක එහෙම උනේ ජයමාල් හින්දා. ඔය හාදයාගේ ලොකු ශරීර කූඩුව නිසාම card එක වැටුණේ සරදියල් කියලා. ඉතින් දවසක් අපි කට්ටිය ඔය කියපු කඩෙන් කෑම කකා ඉඳිද්දි සරදියල්ගේ පිඟානෙන් කැරපොත්තෙක් මතු උනා , ඔය හන්දා කඩේට අර කියපු නම වැටුනා.

කොහොමහරි දැන් කාලය ගෙවිලා exam සමය උදාවුනා. Study leave එක ඇතුලේ කට්ටියම ගජරාමෙට බොග දානවා. බොග stress එක මකාගන්න හිටපු ගමන් මෝටර් සයිකල් තිවුන උන් රෑ ජාමේ යනවා කැරපොතු කඩේට සිගරටුයි කෑම මොනවාහරියි අරගෙන එන්න .

ඔය කාලේ අපේ දෙතුන් දෙනෙකුට මෝටර් සයිකල් තිබුණා. ඒ අතරින් " රම්බා "ට තිවුන ට්‍රේල් බයික් එක සුවිශේෂී වුණා. කොටින්ම මිනිහා ඉඳලා හිටලා මාස හයකට විතර සැරයක් දික්වැල්ලේ ගෙදර යන ගමනත් ආවේ ගියේ ඔයෙ ට්‍රේල් බයික් එකෙන්මයි.

එහෙම යද්දි පාරේ යන වෙනත් වාහනයක් තරඟකරුවෙකු ලෙස හිතින් මවාගෙන race එකට බයිසිකල් පැදීම රම්බා පුරුද්දක් කරගෙන තිබුනා. ඒක කොතරම් දුරදිග ගියාද කියතොත් එක සැරයක් රම්බා තමන් හිතින් මවාගත් තරඟකරුව පරද්දන්න පේරාදෙණිය වන තම නැවතුම් ස්ථානය පහුකරගෙන ගම්පොළටම ගිහින් තිබුණා.

ඉතින් අර රෑ ජාමේ යන ගමන දවසක් ගියේ ඔය රම්බයි අපේ ගලිවරයයි. කැරපොතු කඩේට යන බෝවලවත්ත පාර එක තැනකින් දෙකට බෙදෙනවා දංගොල්ලට යන්න. ඔතනදි පාර තරමක් කන්ද සහිතයි.

ඔන්න එදා පාන්දර දෙකට විතර අපේ යාළුවෝ දෙන්න ඔය කියන තැන පහු කරගෙන යන්න හදද්දී ඔතන ඉඳලා තියෙනවා හරක් දෙන්නෙක්.

ඉතින් රම්බා තමන්ගේ ට්‍රේල් බයිසිකල් එකෙන් දැම්මා අර හරක් දෙන්නට
වෙට්ටුවක්.උන් දෙන්නා ඒකට සෑහෙන්න භය වුනා කියලා තමයි ගලිවර් කියන්නේ.

දැන් අපේ ඩබල ගිහින් එනවා. හරක් දෙන්නා තාම එතන ඉන්නවා. කොහොමහරි එතන කන්ද නිසා බයිසිකලේ ඇද්දන්නේ නැතුව් ගිහින් එකපාරටම නතර වුනා.

දැන් තමයි හොඳම ටික. හරියට අර දකුණු ඉන්දීය ෆිල්ම් එකක වගේ ...  හරක් දෙන්නා පැනගෙන ආවේ නැතැයි අපේ ගැස්ටෝ දෙන්නට අනින්න.

දැන් ගලිවර් එක පැත්තකට දුවනවා උගේ පස්සෙන් එක හරකෙක් එලෝගෙන යනවා.රම්බා තව පැත්තකට දුවනවා උගෙ පස්සෙන් අනික් හරකා එලෝනවා.

රම්බා තමන්ට මුලින්ම හම්බවුන ගෙදර තාප්පෙන් පැනලා බේරිලා තියෙනවා.

ගලිවරයා දුවගෙන යද්දි එකපාරටම ඒ පාර ඉවරයිලු කම්බි වැටකින්.දැන් හරකා ලඟම එනවලු අනින්න බලගෙන . අපේ මිනිහා මරු විකල්ලෙන් වගේ වැටෙන් රින්ගලා බේරිලා තියෙනවා.

එහෙම කරලා හෙමිහිට පාර හොයාගෙන hostal එකට එද්දි එක කකුලක බත් කෙන්ඩ හරියෙන් පොඩි සීතලක් දැනිලා , එතැන අතගාලා බැලුවමලු දන්නේ ලේ ගලනවා කියලා හොඳටම.

බොග පැත්තකින් තියලා ඉස්පිරිතාලෙ යන්නත් වුනා . තුවලෙට මැහුම් දාහතරයි.

එතකොට රම්බාගේ ට්‍රේල් බයිසිකලේ දාලා ආපු තැනින් අරගත්තෙත් පහුවෙනිදා.