Saturday 2 August 2014

මිහිරි මතක සිත රැඳේ...

ඒ දවස්වල , ඒ කියන්නේ මීට අවුරුදු අටකට පෙර පේරාදෙණිය කැම්පස් එකේ අපේ දෙවන අධ්‍යයන වර්ෂය.

පේරා වල සිරිතක් තමයි ඔය දෙවන අවුරුද්දේදි නේවාසිකාගාර නොදෙන එක.
ඉතින් ළමයි වැඩි දෙනෙක් නැවතිලා උන්නේ කැම්පස් එක අවට බෝඩිම් වල.

ඒත් Dental එකේ අපි කීපදෙනෙක් කැම්පස් එකේ ප්‍රධාන කොටසින් තරමක් ඈතින් තිබුණු " සේනක බිබිලේ " නේවාසිකාගාරයේ හිස් කාමර කිහිපයක නැවතිලා උන්නා , හැබැයි නීත්‍යානුකූල නොවන විදියට , එහෙමත් නැත්නම් හොරට.

ඕක නේවාසිකාගාරය භාරව වුන් වෝර්ඩ්න්වරයත් දැනගෙන හිටියා , ඒත් මුකුත් කියන්න ආවේ නැහැ. අපේ කට්ටිය නම් කිව්වෙ "බුක්කා" ඉන්නකම් බය වෙන්න දෙයක් නෑ  ඌ වෝර්ඩ්න්කාරයව ගානට හෝදලා තියාගනී කියලා.

බුක්කා ඕන කෙනෙක්ව ෂේප් න්‍යායෙන් තියගන්න දක්ෂයා.දැන් මිනිහා Hongkong වල කැම්පස් එකක Phd එක කරනව. ( කොහොමද හේදිල්ලේ තරම )

ඒත් සමහර වෙලාවට වෝර්ඩ්න් අපිට red notice එවනව , ඒ දවසට කට්ටියම එක්කෝ faculty එකේ රෑ වෙනකම් කැරම් ගහලා මහා පාන්දර ආපහු hostal එකට රින්ගනවා , නැත්නම් ඉතින් ල්ඟ ් තියෙන bus halt එකේ පිහිට තමයි.

ඔය කාලේ පේරාදෙණිය පොලීසිය ගාව තිබුණා කෑම කඩයක්. ( සමහර විට තාමත් ඇති. ) ඕක පැය විසිහතරෙම විවෘත‍යි. අපි ඒකට නම දාලා තිවුනේ " කැරපොතු කඩේ " කියලා.

ඒක එහෙම උනේ ජයමාල් හින්දා. ඔය හාදයාගේ ලොකු ශරීර කූඩුව නිසාම card එක වැටුණේ සරදියල් කියලා. ඉතින් දවසක් අපි කට්ටිය ඔය කියපු කඩෙන් කෑම කකා ඉඳිද්දි සරදියල්ගේ පිඟානෙන් කැරපොත්තෙක් මතු උනා , ඔය හන්දා කඩේට අර කියපු නම වැටුනා.

කොහොමහරි දැන් කාලය ගෙවිලා exam සමය උදාවුනා. Study leave එක ඇතුලේ කට්ටියම ගජරාමෙට බොග දානවා. බොග stress එක මකාගන්න හිටපු ගමන් මෝටර් සයිකල් තිවුන උන් රෑ ජාමේ යනවා කැරපොතු කඩේට සිගරටුයි කෑම මොනවාහරියි අරගෙන එන්න .

ඔය කාලේ අපේ දෙතුන් දෙනෙකුට මෝටර් සයිකල් තිබුණා. ඒ අතරින් " රම්බා "ට තිවුන ට්‍රේල් බයික් එක සුවිශේෂී වුණා. කොටින්ම මිනිහා ඉඳලා හිටලා මාස හයකට විතර සැරයක් දික්වැල්ලේ ගෙදර යන ගමනත් ආවේ ගියේ ඔයෙ ට්‍රේල් බයික් එකෙන්මයි.

එහෙම යද්දි පාරේ යන වෙනත් වාහනයක් තරඟකරුවෙකු ලෙස හිතින් මවාගෙන race එකට බයිසිකල් පැදීම රම්බා පුරුද්දක් කරගෙන තිබුනා. ඒක කොතරම් දුරදිග ගියාද කියතොත් එක සැරයක් රම්බා තමන් හිතින් මවාගත් තරඟකරුව පරද්දන්න පේරාදෙණිය වන තම නැවතුම් ස්ථානය පහුකරගෙන ගම්පොළටම ගිහින් තිබුණා.

ඉතින් අර රෑ ජාමේ යන ගමන දවසක් ගියේ ඔය රම්බයි අපේ ගලිවරයයි. කැරපොතු කඩේට යන බෝවලවත්ත පාර එක තැනකින් දෙකට බෙදෙනවා දංගොල්ලට යන්න. ඔතනදි පාර තරමක් කන්ද සහිතයි.

ඔන්න එදා පාන්දර දෙකට විතර අපේ යාළුවෝ දෙන්න ඔය කියන තැන පහු කරගෙන යන්න හදද්දී ඔතන ඉඳලා තියෙනවා හරක් දෙන්නෙක්.

ඉතින් රම්බා තමන්ගේ ට්‍රේල් බයිසිකල් එකෙන් දැම්මා අර හරක් දෙන්නට
වෙට්ටුවක්.උන් දෙන්නා ඒකට සෑහෙන්න භය වුනා කියලා තමයි ගලිවර් කියන්නේ.

දැන් අපේ ඩබල ගිහින් එනවා. හරක් දෙන්නා තාම එතන ඉන්නවා. කොහොමහරි එතන කන්ද නිසා බයිසිකලේ ඇද්දන්නේ නැතුව් ගිහින් එකපාරටම නතර වුනා.

දැන් තමයි හොඳම ටික. හරියට අර දකුණු ඉන්දීය ෆිල්ම් එකක වගේ ...  හරක් දෙන්නා පැනගෙන ආවේ නැතැයි අපේ ගැස්ටෝ දෙන්නට අනින්න.

දැන් ගලිවර් එක පැත්තකට දුවනවා උගේ පස්සෙන් එක හරකෙක් එලෝගෙන යනවා.රම්බා තව පැත්තකට දුවනවා උගෙ පස්සෙන් අනික් හරකා එලෝනවා.

රම්බා තමන්ට මුලින්ම හම්බවුන ගෙදර තාප්පෙන් පැනලා බේරිලා තියෙනවා.

ගලිවරයා දුවගෙන යද්දි එකපාරටම ඒ පාර ඉවරයිලු කම්බි වැටකින්.දැන් හරකා ලඟම එනවලු අනින්න බලගෙන . අපේ මිනිහා මරු විකල්ලෙන් වගේ වැටෙන් රින්ගලා බේරිලා තියෙනවා.

එහෙම කරලා හෙමිහිට පාර හොයාගෙන hostal එකට එද්දි එක කකුලක බත් කෙන්ඩ හරියෙන් පොඩි සීතලක් දැනිලා , එතැන අතගාලා බැලුවමලු දන්නේ ලේ ගලනවා කියලා හොඳටම.

බොග පැත්තකින් තියලා ඉස්පිරිතාලෙ යන්නත් වුනා . තුවලෙට මැහුම් දාහතරයි.

එතකොට රම්බාගේ ට්‍රේල් බයිසිකලේ දාලා ආපු තැනින් අරගත්තෙත් පහුවෙනිදා.

2 comments:

  1. හා හා එකනම් මරු

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි. දිගටම එන්න

      Delete