Thursday 17 July 2014

බී ම ත් ඇ ත් ත

එය ඉරිදාවකි. වේලාව උදෑසන දහයට පමණ ඇත.

නිදිගැට කඩමින් අවදි වූ අප කතානායකයා වන ජයදේව මුලින්ම සිදුකළේ කාමරයේ බිත්ති ඔරලෝසුව දිහා නෙත් යොමු කිරීමයි.

සෑම ඉරිදා දිනයකම උදෑසන ඔහුගේ ගතට දැනෙන එම කෙඩෙත්තු ගතිය එදිනද එලෙසම විය.

එහෙත් මදක් සැලකිලිමත්ව තම කාමරය හාත්පස බැලූ ඔහුට වෙනෙදා නොමැති වෙනෙසක් පැහැදිලි වන්නට විය.

කාමරය  හොඳින් අස් පස් කර පිළිවෙළ කොට තිබිණ. උදේට ගන්නා බෙහෙත් පෙති ටික සමග තරමක් ලොකු වතුර වීදුරුවක් ඇඳ අසල කුඩා මේසය මත විය.
ඉරිදා දින තමන් අඳින සරම සමග කමිසයක් පුටුව මත තබ තිබිණ.

ජයදේව නානකාමරයට වැදි කල්පනාවට යෙදුනේත් මේ සිදු වී ඇති විපර්යාසය පිළිබඳවය.

අනතුරුව කෑම කාමරයට පැමිණි විටද ජයදේවගේ පුදුමය දෙගුණ් විය , ඒ කෑම මේසය තමන් කැමතිම ආහාර වලින් පිළියෙල වී තිබෙනු දැකීමෙනි.

මේ සියල්ල තම බිරිඳ විසින් සකස්කර දැන් සුපුරුදු ඉරිදා පොළ්ට ගොස්ී ඇති බව ඔහු දනිතත් වෙනදා නොලැබෙන සැලකිලි තමාට ලැබී තිබෙනු දැකීම ඔහුගේ විස්මයට හේතු විය.

අසල රූපවාහිනී බලමින් වුන් තම පුතු දුටු ඔහු " පුතා ඊයේ රෑ අමුතු දෙයක් මුකුත් සිද්ද උනාද ? " යැයි විමසීය.

" නෑ තාත්තා වෙනදා වගේම රෑ දෙගොඩාහරි ජාමෙ බීගෙන කෑ ගගහ සින්දු කියගෙන ගෙදර අවා , එච්චරයි "

ජයදේවට මෙය ප්‍රෙහෙලිකවකි , ඔහු නවාතැන් පුතු විමසීය.

" එහෙනම් මොකද උඹලාගෙ අම්මා වෙනදා වගේ නැතුව අද මට හොඳින් සලකන්නෙ ? "

" ආ ඒකද ? මේකනෙ තාත්තෙ උනේ , ඊයේ තාත්තා බීගෙන ආපුවම අපි ගිහින් තාත්තාව කාමරෙන් දැම්මා , ඒ කරලා අම්මා තාත්තාගෙ ඇඳුම් මාරු කරන්න හදද්දි
එක පාරටම තාත්තා අම්මාගෙ අත ගසා දාලා කිව්ව දේට තමයි ඔය සැලකිලි ඔක්කොම."

" ඉතින් මොකක්ද මම කිව්වෙ " ජයදේව හිමිහීට පුතාගෙන් අහුව්වා.

" ඒයි ගෑනියේ නවත්තනවා මගේ ඇඳුම් ගලවන එක , මම බොනවා තමයි ඒත් වල් වැඩ කරන්නනෙ නෑ , දැනගන්නවා  මට හොඳ ලස්සන පවුලක් ඉන්නවා හරිද, තමුසේ ඔය වැඩේට වෙන කෙනෙක් හොයාගන්නව " කියලානේ කිව්වෙ . ඇයි තාත්තාට මතක නැද්ද.....

එය ඇසූ ජයදේවගේ දෙතොලග සිහින් සිනවක් නැගිණ.

2 comments:

  1. හි… පට්ටනෙ. මරු කතාව ++++++++++++ නියමයි. :D :D

    ReplyDelete
  2. Thanx brother
    ඔබනොහිටින්න මෙ blogකෙරුවාව අහවර

    ReplyDelete