Tuesday 15 July 2014

වෙ න ස

සියල්ල ම්‍ර්දු සුමට ආකාරයෙන් සිදුවෙමින් පවතී.

ඔබ-මා-අපි සියල්ලම ආච්චි අම්මාට නින්දෙන් පිටවෙන අහවල් එක තරමටවත් කිසිවක් ගනනකට නොගෙන ඔහෙ ජීවත් වෙති.

උදය දහවල රැය - ඊයේ අද හෙට එකම චක්‍රයක  .....

ඉතින් මෙ ගෙවන-ගෙවෙන ජීවිතය
පිළිබඳව ඔබ තෘප්තිමත්ද ? අප ජීවිත වටා  සිදුවන කාරනා කටයුතු ඔබව සතුටු කරවනවද ? ඔබ-මා නිරන්තරයෙන් ගැටෙන අප ජීවිත මුදාහැර තිබෙන සමාජ - සන්ස්කෘතික - ආර්ථික වටපිටාව ගැන අපට කිසිදු ගැටලුවක් නොමැතිද ?

අපොයි මොන තෘප්තියක්ද්? අපිට ප්‍රශ්න තියෙනවා ඕන තරම් , හරි හමන් පඩියක් හම්බෙනවද? බඩු මිල අහස උසට . සමාජය කොයිතරම් පිරිහිලද්? සන්ස්කෘතිය කියලා එකක් තියෙනවා කටුගෙයි නම්, ඒත් ඒකත් හොරු බින්දානෙ.

ඔබ එලෙස කියනු එකාන්තය.

එහෙනම් ඔබට මෙ පවතින විදිය ප්‍රශ්න‍යක් .

ඒත් ඔබ කිසිවක් නොදන්නා නොදකිනා ලෙස ජීවත් වෙන්නේ කුමක් නිසාද ?

කොහිද අපට පුලුවන්ද මෙ යන විදිය වෙනස් කරන්න.තව අවුරුදු ගනනකට මෙ කට්ටියම තමයි බලයෙ ඉන්නෙ.

වෙනස්වීමක් අවශ්‍ය වුවත් ඒ ගැන සිතීම පවා මනසට බාදාවක් - පීඩාවක් කරගත් නිර්වින්දනය වු  මිනිස් සමූහයක් අප හමුවේ නිර්මාණයවී නොමැතිද ?

හිට්ලර් ප්‍රමුඛ නාසි හමුදා සිදුකළ මිනිස් ඝාතන හමුවේ ජර්මානු ජනතාව නිහඬව බලා සිටියේ යම් සේද අපද ඔහෙ බලා සිටිමු.
නමුත් ඒ කොපමණ කලකටද ?

මෙ පවතින ක්‍රමය වෙනස්විය යුතු නොවෙද ?

අලුත් පස්  -- තනනු වස්  !!ි

1 comment:

  1. දැන් අකුරු ප්‍රශ්ණෙ නෑනෙ. ඉතිං දිගටම ලියමු.

    ReplyDelete