Saturday 26 July 2014

වැ ට ක් වෙ නු ව ට

එකම පවුලේ අයියයි - මල්ලියි දෙන්නෙක් හිටියා.ඔවුන් දෙන්නා යාබද ඉඩම් දෙකක ගොවිපළ දෙකක් පවත්වාගෙන ගියා ජීවිකාව වශයෙන්. මේ ගොවිපළ දෙක එකිනෙකින් වෙන්වුනේ පුංචි දොළ පාරකින්.ඉතින් ඔවුන් පොඩි ලී පාලමක් හදලා තිබුණා ඒ දොළ හරහා එගොඩ මෙගොඩ යන්න.

වසර ගණනක් ඔවුන් එකිනෙකාගේ වැඩ වලට උද්ව් කරමින් සතුටින් කාලය ගතකළා.

නමුත් ඉතා සුලු කරුණකට ඔවුන් අතර පුංචි හිත් අමනාපයක් ඇති වුණා. දෙදෙනාගෙන් එක්කෙනෙක්වත් වැරද්ද පිළිගෙන නැවත සාමදාන වීමට උත්සුක නොවීමේ ප්‍රතිඵල‍යක් විදියට ඔවුන් අතර වූ විරසකය දුරදිග ගියා .

දෙදෙනාගෙන් වැඩිමලා වූ චන්දන අර දොළ පාර හරහා තුබුණු පොඩි පාලමත් ගලවා ඉවත් කළේ තිබුණු අවසාන සම්බන්ධයත් විසුරුවමින්. දැන් අයියයි - මල්ලියි තම තමන්ගෙ පඩුවේ වැඩ , කිසිම ඇයි හොඳයියක් නෑ.

ඔය අතරේ එක්තරා උදෑසනක දෙන්නාගෙන් බාලයා වුන නන්දනගේ ගොවිපළට ටිකක් වයසක මනුස්සයෙක් අවා වඩු ආයුධ කට්ටලයකුත් අරගෙන.

ඒ මනුස්සයට අපි මාටින් කියමුකෝ.

ඉතින් මාටින් නන්දනගෙන් ඇහැව්වා කරන්න මුකුත් වඩු වැඩ එහෙම නැද්ද කියලා.

ටිකක් කල්පනා කරපු නන්දන මාටින්ව අර චන්දනගෙත් නන්දනගෙත් ගොවිපළ දෙක වෙන්වෙන දොළ පාර ගාවට එක්කගෙන ගිහින් කිව්වා "' අර එහා පත්තේ ඉන්නේ මගේ අයියා , ඒත් දැන් අපි අතර කිසිම ගනුදෙනුවක් නෑ , ඒක හන්දා මගේ ගොවිපළ මායිම් කරලා අනික් පැත්ත නොපෙනෙන විදියට අඩි අටක් විතර උස ලී වැටක් හදන්න"" කියලා.

මාටින්ට ඔනෑ කරන අමුද්‍රව්‍ය ටික සපයලා දීපු නන්දන නගරෙට පිටත්වුනා එදින පොළ් දවසක් වුන හන්දා.

එහා පැත්තේ චන්දනත් ඒ විදියටම නගරෙට ගිය නිසා ඔහුත් එදා ගොවිපළේ උන්නේ නෑ.

මාටින් වඩුවා හවස් වෙනකම් වැඩ කළා , ලී කැපුවා, ලී මැද්දා, ලී විද්දා, ඇණ ගැහුව්වා.

හවස නන්දන ගොවිපළට එනකොට මාටින් වැඩ ඉවර කරල ගහක් යටට වෙලා බලන් ඉන්නවා.

මාටින් කරලා තිබුණු වැඩේ දැකපු නන්දනගේ ඇස් උඩ ගියා , කට ඇරුණා.

වැටක් වෙනුවට මාටින් වඩුවා හදලා තිබුණේ ලස්සන පාලමක් , අර පුංචි දොළ පාර හරහා මේ අයියා-මලෝ දෙන්නාගෙ ගොවිපළ දෙක නැවතත් සම්බන්ධ වෙන විදියට.

එතකොටම අනික් පැත්තෙන් අයියා-චන්දනත් ආවා.ඔහුටත් මේක දැකලා අදහා ගන්න බෑ.

අයියයි - මල්ලියි දෙපැත්තෙන් පාලමට ගොඩ වෙලා මැදදී එකිනෙකා හමු වුණා.

දෙන්නාගෙම හිත් වල දැන් තරහක් නෑ.

" මගේ වැඩ ඉවරයි , මගේ කුලිය දුන්නා නම් මට යන්න " මාටින් වඩුවා මල්ලි-නන්දනට කිව්වා.

" අපි ගාව තව වැඩ තියෙනවා, ඔහේට පුලුවන් ටික දවසක් මෙහේ නැව්තිලා ඉඳලා කීයක් හරි හොයගන්න " නන්දන කිව්වෙ අයියත් එක්කම මාටින් ගාවට එනගමන්.

" මාත් කැමැතීයි ඒ අදහසට නම් , ඒත් මට තව මේ වගේම පාලම් ගොඩක් හදන්න තියෙනවා " යි කියපු මාටින් වඩුවා යන්න නැගිට්ටා.්

6 comments:

  1. Replies
    1. Thanx.
      Keep in touch with බිත්ති හතර.

      Delete
  2. /මට තව මේ වගේම පාලම් ගොඩක් හදන්න තියෙනවා/
    ඔව් රට පුරාම

    ReplyDelete
    Replies
    1. නොවෙන්නෙත් ඒකමයි.
      ඒත් ඒක වෙනස් කරමු !!
      ස්තූතියි ,දිගටම බිත්ති හතර එන්න.

      Delete
  3. ආදරුසමත් කතාවක් ඉතා හොදයි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියිටම බිත්ති හතරට එන්න

      Delete