Monday 28 July 2014

මීයෙකු අවශ්‍යකර තිබේ

මාතලන් තුමා සන්නස්ගල සෑර් ආශ්‍රයෙන් කළ වියමන කියවූවෙමි. සිංහල සෑර් කියා තුබූ දෙයින් ඔහු විෂය කොටගෙන තිබුණේ ටිකකි. ඒ ටික ඔහු, ඔහුට ඇතුළු බ්ලොගියේ බහුතරයකට මේ දිනවල ඇනයක් වී ඇති ඇනෝලාට ඇනෙන ලෙස කපා කොටා පුරුද්දා අපූරු ලිපියක් නිර්මාණය කර ඇත.

නමුත් සිංහල සෑර්ගේ ජනරළ සටහනේ වැද්ගත්ම කොටස ලෙස මා දකින්නේ මේ මොහොතේ ලාංකීය දේශපාලනය කියවීම සම්බන්ධව ඔහු දක්වා තිබෙන අදහසයි.

සිංහල සෑර් කියනුයේ මේ මොහොතේ ලාංකීය දේශපාලනය පෙරයීම් කිරීම ඉතා දුෂ්කර ක්‍රියාවක් බවයි.
1976 වන විට මැතිණි පරදා J.R දිනන බව ඕනෑම කිරි කජු කොල්ලෙකුට වුවත් කිව හැකිව තිබූ නමුත් මේ 2014 දී දේශපාලන ඔස්තාර්ලාටද ලාංකීය දේශපාලනයේ විචලනය නිවැරදිව හඳුනාගත නොහැකි බව සෑර් පවසයි.

එම ප්‍රකාශය බෝහෝ දුරට යතාර්ථයට ලඟ බව මාගේ හැඟීමයි.

King-පස්ස ලේබලය දරන අයිස් පෙට්ටියේ නිද්‍රාගතව සිටින ලාංකීය ජහමනයා ඇතුළු පක්ෂ විපක්ෂ කල්ලි කණ්ඩායම් සියල්ල ඉඳහිට හෝ අවදි වන්නේම එම අයිස් පෙට්ටියේ  " අයිතිකරු නොව මම එහි බාරකරු " යැයි පවසන උන්දෑම එය තම අවශ්‍යතාව මත අරින - වහන විට පමණි.

ඉතින් ඔහු ඒ " අරින - වහන " එක දේශපාලනය වූ විට එම තත්ත්වය අනික් උන් කෙලෙස නිෂ්චය කරන්නද ??

එහෙත් ඔහු අයිස් පෙට්ටිය ඉඳහිට හෝ අරින-වහන වේලාවකට ඉන් එලියට පැමිණෙන කෙනෙකු හෝ පිරිසක්  ඔහුට නොදැනී ඔහුගේ බෙල්ලේ ගෙජ්ජියක් බැන්දොත් ( හරියට අර මීයා - පූසාට කලාක් මෙන් ) ඉහත තත්ත්වය වෙනස් කල හැක.

ඉතින් ඒ සඳහා " ගෙජ්ජි " ඕනෑතරම් ඇත ,එහෙත් " මීයෙකු " අවශ්‍යකර තිබේ.

නමුත් දැනට නම් පෙනෙන තෙක් මානයක එවැනි මීයෙකු නැත. එයට හේතුවද සිංහල සෑර් අර ලිපියේම දක්වා ඇත.
" ප්‍රභාකරන් ඉන්න කාලේ නම් අපි භය නැහැ " යි සෑර් කියන්නේ එම හේතුව දක්වන්නටය.

මොකද වීර මීයෙකු වන්නට ගොස් මී කුණක් වන්නට අයිස් පෙට්ටිය තුළ සිටින කිසිවකුත් මේ මොහොතේ කැමති නැත. ඒ ඔවුන් අත්විඳ ඇති සජීවී උදාහරණ නිසාය.

ඔවුන්ට ඇත්තේ සරල අකුරු දෙකක
" _ _ භය " කි. ඔබ කැමති ලෙසක එම හිස් අකුරු දෙක පුරවා ගන්න. මට එය කළ නොහැක්කේ මී කුණක් වන්නට මමද බිය හෙයිනි.

නමුත් මී කුණ විකුණාද දියුණු විය හැකි බව කුඩා කල කියැවූ කතාවෙක තිබුණා මතක බව හා එය අනුව යමින් 1994 සමයේ එක්තරා නෝනා කෙනෙකු රටේ ඉහළටම ගිය බවද අවසාන වශයෙන් සඳහන් කරමි.

® බ්ලොග් වලට කුහුඹුවකු තරම් වන මා මෙය ලියූවේ බ්ලොග්පති - මාතලන් ගේ ලිපියෙන් ලද පෙළඹවීමෙනි.ඔහුට තුති.

6 comments:

  1. //මොකද වීර මීයෙකු වන්නට ගොස් මී කුණක් වන්නට අයිස් පෙට්ටිය තුළ සිටින කිසිවකුත් මේ මොහොතේ කැමති නැත. // පට්ටම ඇත්තය. +++++++++++

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් උපක්‍රමශී මීයන් අවශ්‍ය‍ි. ඉක්මනින්

      Delete
  2. එහෙම මීයෝ දැන් ඉන්නවද කියන එක තමයි ඉතින් සැකේ..

    ReplyDelete
  3. ඔව් ඒකනං එහෙමතමයි
    ඒත්ඉන්න එකකොහො ම වෙතත් එහෙම උන්බිහි වෙන්න හොඳපරිසරයමේක

    ReplyDelete
  4. ගොඩක් උන් කියන්නේ '' අපිට නැහැ නේ මී කුනක්වත්'' කියලයි

    ReplyDelete
    Replies
    1. මොකටද ? ිවිකුණන්නද ?
      අවශ්‍යතාව ැදැනෙන එකම ලොකු දෙයක්

      Delete