පෙරේදා රෑ ගලිවර් කතා කළා. " මචං පොරා " කියලා කියද්දිම මට තව කට හඬ කීපයක් phone එක හරහා අැහුණා. එක්කෙනක් වැද්දා බව අඳුන ගන්න බැරිවුණේ නැහැ .
ගලිවරයා එක්ක වචන දෙකක් කතා කරන්න වුනේ නැහැ "මෙහ දීපං ඕක මට" කියලා කවුරැහරි phone එක ගත්තා .
" මචං පොරා , අද මමයි ගලිවරයයි වැද්දයි පොඩිඩක් සෙටි වුණා ."මේ කතා කරන්නේ තෙප්පිලියා .
" අපි කැමිපස් කාලේ ගැන කතා කර කර ඉන්නේ. ඔයාගේ Blog එක අපි කියෙවිවා .අඩෝ පොරා තෙපා අපිට ඡන්දේ දෙයිද බං - කියන කෑල්ල මාරෙටම හිතට වදිනවා මචං "
තෙප්පිලියා " සැමරැම " post එක කියවලා කියලා මට තේරුමි ගියා.
ඊළඟට phone එක ගත්තේ වැද්දා . "පොරා මතකද උඹ ඉස්සර union ඉඳලා මහ පාන්දර hostal එනවා , සමහරු කලින් දවසේ නිදාගෙන බොග දාන්න (පාඩමි කරන්න ) නැගිටින්නෙත් එතෙකාට . එ් කටිටවල් නමි මාරම සුන්දරයි නේද මචං ."
කවදත් කාගෙත් දුකට සතුටට බෝතෙල් හිස් කරන්න හවුල් වුණු වැද්දා එෙහම කියද්දි හන්තාන අඩවිය මගේ දෙනත් බොඳ කළා.
ගලිවර් අායිත් phone එක ගත්තා . " උඹ මුකුත් හිතන්න එපා පොරා , අපි අද පොඩිඩක් පවුල් පන්සල් රාජකාරි වලින් එහාට මෙහාට වෙලා පොඩි drink එකක් දාන ගමන් අපේ සුන්දර අතීතය සිහිපත් කරනවා, අපිට උඹව මතක් වුණා මචං , එ්කයි call කළේ"
මා සමඟ දොඩමළු වෙද්දි කවදත් ගලිවර්ගෙන් පිටවෙන තැවුල්බර හඬ එ්.
මම ගෙදරින් පිටත ලොවි බංකුවේ .
හැමෝම කතා කළේ යමි ""අහිමිවීමක්"" හිත තුළ තෙරපගෙන කියලයි මට හිතුෙණ් .මට හිතන්නේ අපි හැමෝම ජීවිතයේ කසියමිම හෝ "අහිමිවීමක්" නිසා සිතින් විඳවනවා. එ්ක වචනෙයන් මෙහමයි කියලා කියන්න බැරි වුනාට එෙහම එකක් අැති බව අපි අපිට අවංක වුනොත් දැනෙයි .
එවිට තේරුමි යාවි අපි මේ දැන් ගෙවන ජීවිතය අර අපිට අහිමි වූ යමිකිසි දෙයට වඩා කටුක නීරස එකක් බව.
එ් හන්දා තමයි අර අහිමි වූ යමි දෙය පුළුවන් වෙලාවකට මතක් කරලා අපි සතුටු වෙන්නේ .
එක් සමයක එකාමත්තේ හැපී එක බත් පත කා හන්තාන ලොකු ඉස්කෝලේ අකුරු කරපු අපි අද තැන් තැන් වල , ඉඳලා හිටලා හමුවෙනවා වෙන්වෙනවා .
නමුත් අර අහිමිවී ගිය , වචන වලට හැරවිය නොහැකි යමි දෙය අපේ ජීවිත තුළ සදාකාලිකවම ඉඩක් වෙන් කරගෙන .